වැලි කැණීම් බලපත්‍ර සමෘද්ධිලාභීන්ට දෙනවා…! ජාවාරම්කාරයින්ගෙන් වැලි කර්මාන්තය බේරගන්නේ එහෙමයි…!- අමරවීර…

March 15, 2021 at 10:31 am | by emanisa.lk

වැලි කැණීම් සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ බලය ලබන සතියේ සිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරගෙන යෑමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි.

“එක පුද්ගලයාට වැලි බලපත්‍ර 75-100ක් තියෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපි ඒ තත්ත්වය වෙනස් කරලා ලබන සතියේ සිට සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරනවා. ජාවාරම්කාරයින්ගෙන් වැලි කර්මාන්තය ඉක්මනින්ම බේර ගන්නවා.

ඇස්බැස්ටෝස් ඉවත් කිරීම ක්‍රමානුකූලව අදියරෙන් අදියර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇස්බැස්ටෝස් පරිසරයටත් සෞඛ්‍යයටත් අහිතකරයි.”

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *