වැලිකඩ බන්ධනාගාරය රු. කෝටි 2630කට බදු දෙයි…!

December 5, 2021 at 4:57 am | by emanisa.lk

වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත.

ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබාදීමෙන් රුපියල් කෝටි 2630 ක පමණ මුදලක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර, හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 280 ක පමණ ඉඩමක ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර, බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත්, නිල නිවාස සංකීර්ණය මාලබේ ප්‍රදේශයේත් ඉදිකිරීමට යෝජනා වී ඇත.

මෙම ව්‍යාපෘති තුන වෙනුවෙන් වැය වන මුදල වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම බදු දීමෙන් ලැබෙන මුදලින් පියවා ගැනීමට ද යෝජනා කර ඇත.

වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලනියට ගෙන යාම, මූලස්ථානය බත්තරමුල්ලේ ඉදිකිරීම සහ නිල නිවාස පරිශ්‍රය මාලඹේ ඉදිකිරීම යන ව්‍යාපෘති තුන සහ ඉඩම් පවරා ගැනීම සඳහා රුපියල් කෝටි 3147ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *