වැල්ලවත්තේ ජාත්‍යන්තර පාසලක කුරාන 15000ක්…! රහස් ගබඩාවට සීල් තබයි….!

April 2, 2021 at 5:50 pm | by emanisa.lk

වැල්ලවත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගබඩාවක තිබී අල්කුරාන් පොත් 15000 ක තොගයක් සොයාගත් බව වැල්ලවත්ත පොලීසිය කියයි.

පොත් තොගයක් සඟවා ඇති බවට වැල්ලවත්ත පොලීසියට ලද තොරතුරක් මත එම ගබඩාව පරික්ෂා කර එම පොත් තොගය සොයාගෙන තිබෙන බව සඳහන් ය.

පොත්වල අන්තර්ගතය සම්බන්ධයෙන් සොයාබැලීමට පොත් කිහිපයක් පොලීසිය ලබාගෙන තිබෙන අතර එම ගබඩාවට මුද්‍රා තැබූ බව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජෙමාන්න මහතා සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *