වැඩ වර්ජනවලට බයේ ආණ්ඩුව තීන්දු ගන්නේ නෑ..! ආචාර්ය සංගමය වෘත්තීය සමිතියක මට්ටමට වැටීම ගැන කනගාටුයි..! – ජනපති…

February 16, 2023 at 8:19 am | by emanisa.lk

සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බවත් ආණ්ඩුව තීරණ ගන්නේ පවතින නීති රීතිවලට අනුව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයකු ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කනගාටුදායක බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (15) කොළඹ ට්‍රේස් සිටිහි පැවැති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *