වැඩිම මනාප ගත්තාට පොහොට්ටුු ආණ්ඩුවේ ඇමතිකම් නෑ!

August 2, 2020 at 10:24 am | by emanisa.lk

මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගතහොත් කැබිනට්ටුව පත් කිරීමේදී ලබාගන්නා මනාප සංඛ්‍යාව මතම අමාත්‍ය ධුර හිමි නොවනු ඇතැයි එහි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

ජ්‍යෙෂ්ඨත්වය, කාර්යක්ෂමතාව, කුසලතාව මෙන්ම ප්‍රාදේශීය සාධකද අමාත්‍ය ධුර පිරිනැමීමේදී සලකා බැලෙයි. ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව මෙහෙයැවීමට සැලසුම් කෙරෙන අතර කැබිනට් මණ්ඩලය ආර්ථික හා දේශපාලන වුවමනාවන්ට ගැලපෙන ලෙස සංවිධානය කෙරේ.

යටිතල පහසුකම් සංවර්ධනය, කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි විෂයන්ට අදාළව අමාත්‍යංශ ගණනාවකට බෙදී ඇති විෂයයන් ඒකාබද්ධ කොට පෙර පැවති ආකාරයට එක් විෂයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇත. ඊට අදාළ අමාත්‍යංශ නාම ලේඛනය මේ වන විටත් සකස්කර ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස