වාහන හොරපොත් මගඩියකින් කෝටි දෙකහමාරකට විදලා! ගාල්ලේ හොර කල්ලියේ තවත් 03ක් අත්අඩංගුවට!

November 14, 2020 at 8:48 pm | by emanisa.lk

ව්‍යාජ වාහන පොත් සහ ලිපි ලේඛන සකසා කරාපිටිය ප්‍රදේශයේ මූල්‍යාතනයකින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වංචා කළ කල්ලියක තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නියාගම තල්ගස්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සහ මීටියාගොඩ පදිංචිකරුවෙකු බව ගාල්ල පොලිසිය පවසයි. මෙම අපරාධයට සම්බන්ධ තවත් පස් දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

මීටියාගොඩ පදිංචිකරු වාහන ආනයනය කරන ආයතනයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති අතර නියාගම පදිංචි සැකකරු ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වාහන තුනක් වෙනුවෙන් අදාළ මූල්‍ය ආයතනයෙන් රු. ලක්ෂ 48, රු. ලක්ෂ 18 සහ රු. ලක්ෂ 55 බැගින් චෙක්පත් ලබා ගෙන ඇත. ඒ පෙර කී ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ වාහන ආනයනය ආයතනයේ නමින් ලබා ගෙන තිබේ.

එම සැකකරු වාහන සඳහා ලීසිං වාරික නොගෙවීම නිසා ඒ පිළිබඳ මූල්‍ය ආයතනය මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසා ඇති අතර අදාළ සියලු ලියකියවිලි ව්‍යාජ ඒවා බව එහි දී අනාවරණය වී තිබේ. මේ ආකාරයට 2019 වසරේ පෙබරවාරි-මැයි කාලය තුළ එම කල්ලිය විසින් ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකසා රු. දෙකෝටි පනස් ලක්ෂයක් වංචා කර ඇති බව අනාවරණය වන්නේ ඒ සමග ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස