වාහනේට නැග්ගේ මගේ බොඩි ගාර්ඩ් කෙනෙක්..! තව බයික් කිහිපයක් මගේ ආරක්ෂාවට යනවා…! ජනපති ගෝඨා නිසා ආරක්ෂාව තර කළා..! – අනුර..

April 6, 2022 at 3:11 pm | by emanisa.lk

තමා මේ වන විට වෙනදාටත් වඩා ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන බව අනුර කුමාර දිසානායක පවසයි.

පාර්ලිමේන්තුව අසලදී ඊයේ (05) විරෝධතාකරුවන් පිරිසක් හමුවේ අනුර කුමාර අදහස් දක්වමින් සිටිය දී ඔහුගේ වාහනයට පිටතින් පැමිණි පුද්ගලයෙක් ඇතුළුවීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

අද (06) පාර්ලිමේන්තුවේදී ඔහු ඒ බව සඳහන් කළේය.

මං යන කොට විරෝධතාකරුවන් පිරිසක් මගේ වාහනයට කඩා පැන්නා. මම ඒ අයට කිව්වා මම මීට අවුරුදු 10 කට 15කට කලින් කියපු දේවල් තමයි ඔයාලා ඔය කියන්නේ කියලා.

මේ රටේ මහ දවල් ඝාතන වුණා. අදත් මිනීමරුවෙක් නෑ. පහරදුන් අයට අත්අඩංගුවට ගත් අයත් නෑ. එදා මේ සියල්ල සිද්ධ වෙනකොට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. අද මේ වෙලාවේ ජනාධිපති. ඒ නිසා ඔහු ගැන අපිට අත්දැකීමක් තිබෙනවා.

ඒ නිසා ස්වේච්ඡාවෙන් අපි අපේ ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා. ඔයගොල්ලෝ හිතනවා ද අපි නිදැල්ලේ පාරේ යනවා කියලා. මම වාහනේ යන හැම වෙලාවෙම අපේ පක්ෂ සහෝදරවරු ගණනාවක් අවට ඉඳගෙන ආරක්ෂාව සපයනවා.
ඔයගොල්ලෝ හිතනවා ද මෝඩකමට බෙල්ල දෙන්න එනවා කියලා. ඒ නිසා තමයි එදා බිත්තර ප්‍රහාරකයින් අත්අඩංගුවට ගත්තේ.

අපිත් ආරක්ෂා සහිතව හැසිරෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට යන්න කලින් මම දැනුම් දුන්නා සහෝදරවරුනි මම එළියට එනවා. ඔයගොල්ලෝ කිහිප දෙනෙක් ඉන්න. ඒ විදිහට හිටියා. මම හෙටත් එහෙම කරනවා. නිකම් අපේ ජීවිත ගන්න දෙන්නේ නෑ.

මේගොල්ලෝ හිතනවා ඇති වාහනේ යනකොට අනතුරක් කරලා අපේ ජීවිත බිලිගන්න. ඒ නිසා යතුරුපැදි කිහිපයකින් මගේ ආරක්ෂාව තිබුණා. එක සහෝදරයෙක් ඇවිත් වාහනයට නැග්ගා. මොකක්ද ප්‍රශ්නය. හෙල්මට් එකක් දා ගෙන මගේ වාහනයට නැග්ගේ ආරක්ෂකයෙක්. හිරිපොද වැස්ස. ඒ නිසා මගේ වාහනයට නැග්ගා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස