වාසු විමල් උදය පිලේ සහායත් රනිල්ට…!

May 16, 2022 at 9:39 am | by emanisa.lk

රටේ ආර්ථික සුභ සිද්ධිය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ගන්නා වූ තීරණවලට සහාය ලබා දීමට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වූ දේශපාලන පක්ෂ දහය තීරණය කර ඇත.

එම පක්ෂ දහයේ සාමාජිකයන් ඊයේ (15) රැස්වී මේ තීරණය ගෙන ඇත.

වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, අතුරලියේ රතන හිමි, ටිරාන් අලස්, අසංක නවරත්න ඇතුළු පිරිසක් මෙම කණ්ඩායම නියෝජනය කරති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද වර්තමාන ආණ්ඩුවට සහයෝගය ලබා දීමට ඊයේ තීන්දු කළේ ය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂ දහයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අද උදේ පැවැත්වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *