ව්‍යාජ ස්ටිකරය සහිත මත්පැන් බෝතල් එකතු කිරීමේ ව්‍යාපෘතියක්මේ වන විට මෙන්ඩිස් සමාගම අරඹා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.
මෙම ස්ටිකරය කූට ලේඛනයක් යැයි ද මීට අපරාධ නීතිය යටතේ දඬුවම් හිමි විය යුතු බව ද හෙතෙම කීය.
මෙම ජාවාරම නිසා රුපියල් බිලියන 80ක බදු ආදායමක් රජයට අහිමි වන බව ද බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කීය.
ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 44,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සොයා ගැනීමට හැකි වී ඇති අතර එසේ සොයාගත් බෝතල් සඳහා එක් සමාගමකින් රුපියල් කෝටි 4කට ආසන්න දඩයක් අයකර ගනු ලැබී යැයි සුරාබදු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට වාර්තා කර තිබේ.
ව්‍යාජ ස්ටිකර් ඇලවීමෙන් එක් මත්පැන් බෝතලයකින් රුපියල් 2900ක බදු ආදායමක් රජයට අහිමි වන බවට මීට පෙර පැවති කාරක සභා රැස්වීමකදී හෙළවීය.