ව්‍යවස්ථා ප්‍රශ්නයෙන් පොහොට්ටුව දෙකට බෙදෙයි…! 21 සංශෝධදන ජනවරම පාවා දීමක් බවටත් චෝදනා…!

June 5, 2022 at 9:16 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයට පත්කරන ලද ඇතැම් අමාත්‍යවරුන්ට එම පක්ෂයෙන් බරපතළ විරෝධයක් එල්ල වී ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රට තුළ ඇති කළ අස්ථාවරභාවය සමනය කිරීම සඳහා එම සංශෝධනය අහෝසි කිරීම බවත් ඒ අනුව ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් තම පක්ෂයට ඉහළ ජනවරමක් ලැබුණේ එම ප්‍රතිඥාව ඇතුළු පොරොන්දු ඉටුකිරීමට බවත් පක්ෂ ප්‍රධානීන්ගේ මතය වී ඇත.

එසේ තිබියදී නැවතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමාන 21 වැනි සංශෝධනය රජය විසින් ඉදිරිපත් කොට 2019 සහ 2020 ජනවරමින් පත්වූ මන්ත්‍රීන්ගෙන් ඊට සහාය ඉල්ලා සිටීමට එකඟ විය නොහැකි බවත් 21 වැනි සංශෝධනය ගැන අවසන් තීන්දුවක් ගැනීමට පෙර ඒ ගැන පුළුල් අධ්‍යයනයක් සහ සමාලෝචනයක් කළ යුතුව තිබෙන බවත් පොහොට්ටුවේ මතය වී තිබේ.

කෙසේ වුව ද එම පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් 21 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටීම මෙම අර්බුදයට හේතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *