ව්‍යවස්ථාදායක සභාවේ සුළු පක්ෂ නියෝජිතයා පත් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීම පාර්ලිමේන්තුවේ අඳුරු දවසක් බවට පත්වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සුළු පක්ෂ නියෝජිතයා පත් කිරීමට බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නැතැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
21 වන සංශෝධනය ඡන්දය ලබා දීමට තරම්වත් වැදගත් නැතැයි පවසා ඊට ඡන්දය පවා ලබා නොදුන් සුමන්දිරන්ට ඒ සඳහා නියෝජිතයෙකු යෝජනා කිරීමට සාදාචාරාත්මක අයිතියක් තිබේ දැයි ගෙවිඳු කුමාරතුංග ප්‍රශ්න කළේය.
සුළු පක්ෂ නියෝජිතයා තමන් නියෝජනය කරන සියලු පක්ෂවල අදහස් විමසා එය ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ යුතු බව ද ඔහු යෝජනා කළේය.