වහා ම මැතිවරණය පවත්වනු…! අලුත් ආණ්ඩුවක් හදන්න සූදානම්…! – මෛත්‍රී…

January 10, 2022 at 3:45 pm | by emanisa.lk

රටේ ආණ්ඩු බලය වෙනස් කිරීම සඳහා ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික කරගත් පුළුල් දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීම සඳහා සූදානමක් ඇති බවට මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මැතිවරණය කල්දානවට අපි විරුද්ධයි. අපිට ඕන මැතිවරණ. අපි ඉදිරි මාස කිහිපය තුළ ප්‍රබලම, ශක්තිමත්ම දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගනවා.

පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා රටට ඒ ජාතික වැඩපිළිවෙළට එකතු වෙමු කියලා. ඒ වැඩපිළිවෙළට එකතු වෙන්නේ කවුද ඒ අයත් එක්ක ආණ්ඩුවක් අනාගතයේ හදනවා.

බොහෝ විට අලුත් සන්ධානයක් තමයි, හදන්න වෙන්නේ. පරණ ඒවා එක්ස්පයර් නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *