වසර තුනෙන් තුනට 25%ක වැටුප් වර්ධක තවත් දෙන්නේ නෑ…! – කාංචන විජේසේකර…

October 1, 2023 at 7:39 pm | by emanisa.lk

ඛනිජ තෙල් සංස්ථාව, වරාය, ගුවන්තොටුපළ ටෙලිකොම් වරාය වැනි ආයතනවල සෑම වසර 03කට ම වරක් වැටුප 25%කින් වැඩි වන විදුලි බල හා බල ශක්ති ඇමැති කාංචන විජේසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එය සේවක කාර්යක්ෂමතාව පදනම් කරගෙන නොව පොදුවේ ලබා දෙන බවයි.

එසේ ම අප්‍රේල් සහ දෙසැම්බර් මාසයක වැටුප බෝනස් ලෙස ලැබෙන්නේ ද කිසිදු සුදුසුකම් සලකා බැලීමකින් තොරව බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ.

මෙම ක්‍රමය නිසා රාජ්‍ය සේවයේ සිටින කාර්යක්ෂම දීර්ඝ කාලයක් වැඩ කළ හැකි පිරිස ඉන් ඉවත් වන බවත් ඒ නිසා සේවක කාර්යක්ෂමතාව මත වැටුප් වර්ධක සහ උසස්වීම් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඇමැති විජේසේකර සඳහන් කරන්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *