වසරේ මුල් මාස දහයේ අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි…!

October 26, 2022 at 10:50 am | by emanisa.lk

2022 වසරේ පළමු මාස 10 තුළ ලංකාවේ අපනයන වටිනාකම ඩොලර් බිලියන 10 ඉක්මවා තිබේ. සැප්තැම්බර් මාසය වන විට අඛණ්ඩව මාස 05ක් ඩොලර් බිලියනය ඉක්මවා අපනයන සිදුකිරීම ද විශේෂත්වයකි.

ඇඟළුම් නිෂ්පාදන අපනයන 5%කින් ද තේ නිෂ්පාදන 13.6%කින් ද ඉහළ ගොස් තිබේ. මුල් මාස 09 තුළ ඇඟළුම් නිෂ්පාදන 17.61%කින් ඉහළ ගොස් ඩොලර් බිලිය 4.5ක් ආදායමක් ලබා ඇති අතර තේ අපනයන 5%කින් පහත වැටී ඩොලර් මිලියන 937ක ආදායමක් ලබා ඇත.

රබර් සහ පොල් නිෂ්පාදන, මැණික්, ස්වර්ණාභරණ අපනයන ද ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *