2010 වසරේ තමන් සුරේෂ් සාලේ සමග එකතු වී රට පුරා බෝම්බ පිපිරීම් සිදුකළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කොට ඇතැයි නැගෙනහිර හිටපු ආඥාපති,මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා පවසයි.
එම වසරේ රටේ කිසිදු බෝම්බයක් පිපිරුණේ නැති අතර තමන් එවක නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ අතර 2011 ජාතික ආරක්ෂක උපාධිය සඳහා චීනයට ගිය බව ද හෙතෙම සඳහන් කරයි.
තමන් කොටි ත්රස්තවාදයට එරෙහිව සටන් බිමේ ඉදිරියෙන් සටන් කොට පදක්කම් දිනූ හමුදා නිලධාරියෙකු බව ද බොනිෆස් පෙරේරා පෙන්වා දෙයි.
කෙසේ වුව ද යුද්ධය තනිව කළේ යැයි කියන සරත් ෆොන්සේකාගේ චරිතය අනුව මෙවැනි පදනම් විරහිත අභූත චෝදනා කිරීම පිළිබඳ පුදුමයක් නැතැයි ද හෙතෙම සඳහන් කරයි.
හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ මෙම ප්‍රකාශය කරන ලෙස සරත් ෆොන්සේකාට අභියෝග කළ බොනිෆස් පෙරේරා එවිට නීතිය හමුවට ගොස් එහි සත්‍යාසත්‍යතාව තීරණය කළ හැකි බව ද අවධාරණය කරයි.