වයඹ පළාත් මහ ඇමැති තරඟයට සූදානම් ද? – අගමැති පුත් රෝහිත පිළිතුරු දෙයි..

October 5, 2021 at 7:41 pm | by emanisa.lk

ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට තමන්ගේ කිසිදු කැමැත්තක් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සොයා බලමින් සමාජ සේවා කටයුතුවල නිරත වන්නේ පසුගිය මහා මැතිවරණයේ දී සිය පියාගේ ජයග්‍රහණයට දිස්ත්‍රික්කයේ ජනතාව දැක්වූ සහයෝගය නිසා බවත් ඔහු සඳහන් කරයි.

එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී වයඹ පළාත් මහ ඇමැති ධූරයට තරඟ වැදීමට තමන් සූදානම් වන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කළ රෝහිත රාජපක්ෂ, තමා ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවල නිරත වන්නේ අනාගත අරමුණු කිසිවක් නොමැතිව බව ද අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *