දේශපාලකයින්ට බලයේ ඉන්න කොට බලය අහිමි වූ දාට වෙන දේ පේන්නේ නෑ…! රිද වූ අයගෙන් පළිගැනීම දේශපාලනය නෙමෙයි..! රෝහිත රාජපක්ෂ

March 6, 2021 at 7:57 am | by emanisa.lk

රටේ බලය අල්ලන මී ළඟ රාජපක්ෂවරයා කවුද යන්න තමන් දන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ සඳහන් කරයි.

කෙසේ වුව ද තමන් දැන් ඒ ගැන මේ අවස්ථාවේ හෙළි නො කරන බව ද ඔහු පවසයි.

පසුගිය ජනාධිපතිවරණ පරාජය, තම පවුලේ තොරතුරු ආදිය ගැන ද ඔහු එහි දී අදහස් පල කරයි.

2014 අයවැය ප්‍රකාශ කර දින 06ක් ඇතුළත ජනාධිපතිවරණයට නොයන ලෙස තමා සිය පියාට පැවසූ බව ද ඔහු සඳහන් කරයි.

එහෙත් ඔහු වටා සිටි පිරිසකගේ දැඩි බලපෑම් මත එම තීන්දුව ගැනීමට සිදු වූ බව ද රෝහිත අනාවරණය කරයි.

බොහොා් දේශපාලකයින්ට බලයේ සිටින විට බලය අහිමි වූ විට සිදුවන දේ නොපෙනෙන බවත් තමන්ට රිද්දූ අයගෙන් පළිගැනීම සඳහා කාලය කා දැමීම දේශපාලන නොවන බවත් ඔහු අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස