වත්මන් ආණ්ඩුව මහින්ද අසරණ කළා..!

May 17, 2024 at 5:56 am | by emanisa.lk

රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතික කරණය සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පොදුජන පෙරමුණු පාක්ෂිකයන් තම පරමාදර්ශී නායකයා ලෙස පිළිගත් මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් පාලනය  අසරණ තත්ත්වයකට ඇද දමා ඇතැයි ද ඒ මහතා කීය.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා ජනාධිපතිවරයා කරනු ලබන යෝජනාව මැතිවරණ නාමයෙන් තම දේශපාලන ඉලක්කම සපුරා ගැනීමක් යැයි ද හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ නාවල නිදහස ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *