ලෝකයේ වටිනාම වෘත්තිය ගුරු වෘත්තියයි…! ගුරු ගෞරවය රකින්න මම බොහෝ කටයුතු කළා…! – චන්ද්‍රිකා…

October 6, 2021 at 7:53 pm | by emanisa.lk

ජාත්‍යන්තර ගුරු දිනය වෙනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයක් පහත දැක්වෙයි.

අවුරුද්දකට මාස තුනක් නිවාඩු ලැබෙන නිසාත්, දිනකට පැය හයක් වැඩ කරන නිසාත්, ගුරු වෘත්තිය ඉතා පහසු රාජකාරියක් කියලා බොහෝ දෙනා හිතන්නේ.

ඒ මතය මම නොපිළිගන්නා නිසා ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය රැක දීම වෙනුවෙන් මම ජනාධිපති ලෙස බොහෝ වැඩ කොටසක් ඉටු කළා.

වෛද්‍යවරයෙකුට වැරදුනොත් ලෙඩා යන්නේ කනත්තට. නීතිඥයාට වැරදුනොත් සේවාදායකයා හිරේට යනවා. හැබැයි ගුරුවරයෙකුට වැරදුණොත් ඒ ළමයා සමාජයට ගිහින් මුළු ලොවක් විනාශ කිරීමේ අවධානම තියෙනවා.

ලෝකයේ වටිනාම වෘත්තිය ගුරු වෘත්තිය බව මම දැඩිව විශ්වාස කරන දෙයක්. අපේ සමාජය ගුරුවරුන්ගේ අගය හඳුනා ගතයුතු බව මගේ විශ්වාසයයි.

ලෝක ගුරු දිනය වෙනුවෙන් මම සමස්ත ගුරු පරපුරට සුබ පතමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *