ලෝකයේ කිලෝ මීටරයක් සඳහා වැඩි ම මුදලක් වැය කර අධිවේගී මාර්ග තනා ඇත්තේ ලංකාවේ බව මහාචාර්ය අනුර කුමාර උතුමංගේ පවසයි.
මෙලෙස අධික මුදලක් වැයවීම සඳහා හේතුව දේශපාලකයින් ඒ සඳහා ලබා ගන්නා ණය මුදලින් සහ ව්‍යාපෘතිවලින් ගසා කෑම බවයි, මහාචාර්ය උතුමංගේ පෙන්වා දෙන්නේ.
ලංකාවේ පාලකයින් අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපළ, ඇවිදින මංතීරු තැනීමට බොහෝ ආශාවක් දක්වන්නේ එමගින් මහජන මුදල් ගසා කෑමට බව හෙතෙම අවධාරණය කරයි.
එහි දී යහපාලන ආණ්ඩුව පත් කළ බරපතළ වංචා දූෂණ විමර්ශන කමිටුවේ ලේකම් ලෙස කටයුතු කළ ලැසිල් ද සිල්වා අනාවරණය කළේ හම්බන්තොට වරාය ඉදිකර පැවැත් වූ දියවර මංගල්‍ය උත්සවය සඳහා වැය කළ මුදලින් දැවැන්ත ක්‍රීඩාංගණයක් තැනිය හැකිව තිබූ බවයි.