ලොහාන්ට එරෙහිව පියවර ගන්නවා…! – පොහොට්ටු ලේකම්…

September 18, 2021 at 10:40 am | by emanisa.lk

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට, බීමතින් සිය මිතුරන් පිරිසක් සමඟ අයුතු ආකාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී ඇති මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම විධායක කමිටුව රැස්වී, සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්නා බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඉතාලියේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිත බැවින්, අගමැතිවරයා පැමිණි පසු පක්ෂයේ මධ්‍යම විධායක කමිටුව රැස්වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට බීමතින් ඇතුළු වී අයුතු ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ලොහාන් රත්වත්තේ එහි වගකීම භාර ගනිමින්, ඔහු එතෙක් දැරූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉකුත් බදාදා ඉල්ලා අස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *