ලොතරැයි මිල දෙගුණයක් වෙයි…!

June 19, 2023 at 4:06 pm | by emanisa.lk

ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව තිබේ. ජාතික ලොතරැයි මණ්ඩලය කියා සිටියේ මේ අනුව ලබන මස සිට ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට නියමිත බවයි.

මේ වන විට ලොතරැයි පතක් අලෙවි වන්නේ රුපියල් 20ක මිලකට වන අතර මිල දෙගුණයකින් ඉහළ දැමීම සමඟ ලොතරැයි දිනුම් ත්‍යාග මුදල ද ඊට සමඟාමීව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

මිල ඉහළ නැංවීම ලබන ජුලි මස 06 වනදා සිට සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද ඒ සම්බන්ධව යළි සලකා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම මණ්ඩලය වැඩි දුරටත් කියා සිටියේ මිල වැඩි වීම බලාත්මක වන දිනය සම්බන්ධයෙන් මෙම සතිය තුළ අවසන් තීරණයක් ගන්නා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *