ලෙඩ්ඩු රෝහල්වල මැරිල වැටෙනවා…! ඔක්සිජන් රටින් ගේන්න වෙල…! රට ගැන හිතල උද්ඝෝෂණ අරගල කල් දමන්න…! – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන…

August 5, 2021 at 6:26 pm | by emanisa.lk

මේ වන විට අද රටේ කොවිඩ් තත්ත්වය එතරම් සතුටුදායක නොවන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බවට අනතුරු ඇඟවූයේ ය. මෙරට නිපදවන ඔක්සිජන් ප්‍රමාණය මේ වන විට සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාව සඳහා යොදා ගන්නා තත්ත්වයක් උද්ගතව තිබෙන බව ද ඔහු පැවසීය.

“පසුගිය සති දෙකේ පෙනිච්ච දෙයක් තමයි ඉහළම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මංගල උත්සවවලට සහභාගී වූ පිරිසෙන් සහ මුඛ ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීමේ සිද්ධි නිසා. ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් එක්ක රටේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගිහින්. මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්වෙමින් තියෙනවා.

අද වෙනකොට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වගේ රෝගීන්ගේ අවශ්‍යතාවට යොදා ගන්නා තත්ත්වයකට ඇවිත්. ඒ නිසා අපි ඉදිරි සති දෙකක කාලයේ දී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේ මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ උද්ඝෝෂණ අරගල තාවකාලිකව හෝ නවත්වන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස