ලුනු හිඟ වුණේ මගේ මාෆියාවක් නිසා නෙමෙයි… අවුරුදු තුනක් තිස්සේ වහින නිසයි…! – ආචාර්ය රවී ලියනගේ…

May 22, 2025 at 9:58 am | by emanisa.lk

පුත්තලම ලුනු සමාගමේ සියලු ලුනු තමන් මිල දී ගෙන ලුනු මාෆියාවක් හදන ලද බවට විපක්ෂය සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බව රයිගම් සමාගමේ සභාපති, පුත්තලම ලුනු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය රවී ලියනගේ පවසයි.

පුත්තලම ලුනු සමාගම හෝ තමන් හෝ ලුනු මාෆියාවක් හදා නොමැති බවත් පවතින සීමිත ලුනු තොග වෙළඳපොළට නිකුත් කරන බවත් ඔහු පෙන්වා දෙයි.

රටේ පවතින ලුනු හිඟයට හේතුව අවුරුදු තුනක් තිස්සේ ලුනු නිෂ්පාදනය කරන ප්‍රදේශවලට වැටුණු අධික වාර්ෂාව බවත් ආචාර්ය රවී ලියනගේ අවධාරණය කරයි.

ඊයේ (21) සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස