ලාභ ලැබූ මිල්කො ආයතනය විනාශයි…! මාසික පාඩුව මිලියන 40යි…!

April 11, 2022 at 12:08 pm | by emanisa.lk

මිල්කො සමාගම නැවතත් පාඩු ලබන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වෙයි. පසුගිය ජනවාරි මස එහි පාඩුව මිලියන 40කට අධික බව එහි සේවකයෝ පෙන්වා දෙති. පරිගණක පද්ධතිය බිඳ වැටීම නිසා පෙබරවාරි මාර්තු පාඩුව මෙතෙක් ගණනය කර නැත.

යහපාලන ආණ්ඩුව සමයේ වසර දෙකක් ඇතුළත මිලියන 2000ක් පමණ පාඩු ලැබූ මිල්කො ආයතනය 2020-21 වසරවල හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ යටතේ  සියලු ණය පියවා දමා වාර්ෂිකව මිලියන 400 ඉක්මවන ලාභයක් ද ලැබුවේ ය.

ඔහු ඉවත් කර පත්කළ නව සභාපති රේණුක පෙරේරා යටතේ මෙලෙස නැවතත් මිල්කො පාඩු ලැබීම ආරම්භ වී තිබේ. මේ අතර සිය මාධ්‍ය ලේකම්වරයා මිල්කො ආයතනයේ උප සභාපති ධූරයට පත් කිරීමට රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් දිවා රෑ නොබලා වෙහෙසෙන බව ද දැනගන්නට තිබේ.

මේ වන විට රට පුරා ජනප්‍රිය හයිල්න්ඩ් නිෂ්පාදනවල දැඩි හිඟයක් ඇති අතර ආයතනයේ අලෙවිය ද 40%කින් පමණ පහත වැටී තිබේ. වඩාත් ඛේදජනක තත්ත්වය මිල්කො ආයතනය නැවත ණය වීමට ද කටයුතු කරමින් තිබීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *