නව සභාපති රේණුක මහත්තයට ලොකු කාර්යභාරයක් තියෙනව මිල්කො එකෙ. ඒ තමයි බොහෝ විදෙස් කිරිපිටි ආනයනය අත්හිටුවා තිබෙන පසුබිමක දියරකිරි හෝ දේශීය පිටිකිරි නිෂ්පාදනය වැඩි කිරීම.
අද වෙනකොට හයිලන්ඩ් කිරිපිටි හා දියරකිරි වෙළඳපොළ තුළ හොයනව කියන්නෙ කළුනික හොයනව වගේ. හැබැයි මිල්කෝ එක ලාභ ලැබුව කියන එක ඇත්ත. මම හිතන්නෙ ඒ ලාභ ලබන්නෙ යෝගට් හා අයිස්ක්රීම් නිසා. ඒත් මිල්කො එක තියෙන්නෙ අයිස්ක්රීම් විකුණන්න ද? ආනයනික කිරිපිටි මත යැපෙන මිනිසුන් ඉන් ගලවා ගැනීමට ඊට ජාතික කාර්යභාරයක් නැද්ද?
ඒ කොහොම වුණත් මිල්කො එකේ පුද්ගලික තරඟකරුවන් මේ ක්රමයට කැමතියි. එතකොට ඔවුන්ගෙ කිරිපිටි ආනයනය ඒ විදියටම තියාගන්න පුළුවන්. මිල්කො එකෙන් අභියෝගයක් නෑ. හැබැයි කිරිපිටි හා දියර කිරිවලට මිල්කො එක යන එකට පුද්ගලික අංශය කැමති නැහැ. මම හයිලන්ඩ් පාරිභෝගිකයෙක්.
ඒ කොහොම වුණත් පහුගිය කාලෙ මට ඒක අතහරින්න වුණා. ඔබට මතක ඇති මම පෝස්ට් එකකුත් දැම්මා, මගෙ නවතම උදෑසන පානය කොළ කැඳ කියල. එහෙම වුණේ හයිලන්ඩ් පිටිකිරි නැති වෙලා මාස කීපයකින් මාර්කට් එකෙන් දියරකිරිත් අතුරුදන් වීම. රේණුක සභාපතිතුමා මේ ගැන අලුතින් හිතයි කියල හිතනව.
මහින්ද පතිරණ…