ලබන සතියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක්..! මැති ඇමැති රොත්තක් පක්ෂ මාරුවකට සූදානම්…!

July 31, 2022 at 9:44 am | by emanisa.lk

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමත් සමඟ මන්ත්‍රීවරුන් 20 දෙනකුට වැඩි පිරිසක් පක්ෂ මාරු කරනු ඇතැයි වාර්තා වෙයි.

අගෝස්තු මස මුල් සතියේ නව පාර්ලිමේන්තු වාරය ඇරඹෙන අතර එහි දී පිරිසක් විපක්ෂයෙන් ආණ්ඩුවට ද තවත් පිරිසක් ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වීමට නියමිතය.

දැනට විපක්ෂයේ සිටින විවිධ සුළු පක්ෂ නියෝජනය කරන ඒ.එල්.එම්. අතාවුල්ලා, ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජීවන් තොණ්ඩමන්, එස්. රාමේෂ්වරන්, අසංක නවරත්න, චාමර සම්පත් දසනායක, ජයරත්න හේරත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම සඳහා රජයට සහාය පළ කරනු ඇතැයි වාර්තා වෙයි.

එසේම සමගි ජන බලවේගයේ කුමාර් වෙල්ගම, කබීර් හෂීම්, මයන්ත දිසානායක, ජේ.සී. අලවතුවල, අජිත් මාන්නප්පෙරුම සහ කිංස් නෙල්සන් ද සර්ව පාක්ෂික රජයකට සහාය දීමට ඉඩ ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අතර ශ්‍රීලනිපය සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් නොවන්නේ නම් ශ්‍රීලනිපයේ තිදෙනකු හැර අන් සියලු මන්ත්‍රීවරුන් සර්ව පාක්ෂික රජයකට සහාය පළ කිරීමට සූදානමින් ඇත.

දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, ඩිලාන් පෙරේරා, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, සරත් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල නව සභා වාරය ආරම්භ වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් පසුවන බව දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *