ජනතාව පාරට බහින එක නතර කරන්න සර්වපාක්ෂික ආණ්ඩුවක්…!

July 4, 2022 at 6:51 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව විසිරුවා හැර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.

රට තුළ ඇතිව තිබෙන ජනතා උණුසුම මත මහ නාහිමිවරුන්ගේ ද ආශිර්වාදයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඉක්මනින් සිදු කළ යුතු බව ද ඔහු පැවසීය.

එසේ නොකළහොත් ජනතාව පාරට බැස ඉතා නරක තැනකට රට ගමන් කරනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගුරුදෙණිය ප්‍රදේශීය දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *