ලංවීම සිපෙට්කො පාඩු ලබද්දි අවුරුද්දට බෝනස් තුනක් ගෙවනවා…! – එස්.බී.

August 9, 2022 at 6:01 pm | by emanisa.lk

විදුලිබල මණ්ඩලය කෝටි 8000ක ද තෙල් සංස්ථාවට ණය බවත් තෙල් සංස්ථාව කෝටි 91 000ක් බැංකුවට ණය බවත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

එම ආයතන දැඩි ලෙස පාඩු ලබන අතර වාර්ෂිකව බෝනස් තුනක් ගෙවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

බෝනස් යනු ආයතනය ලබන ලාභයෙන් සේවකයින්ට ලැබෙන කොටස වුවත් පාඩු ලබන ආයතන බෝනස් ගෙවීම විශාල ගැටලුවක් බවයි, එස්.බී. දිසානායක අවධාරණය කළේ.

මෙම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ හැක්කේ තව තවත් ආයෝජකයින් එම ක්ෂේත්‍රවලට කැඳවීමෙන් බව ද ඔහු ප්‍රකාශ කළේය.

අද (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට එකතු වෙමින් එස්.බී. දිසානායක මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *