ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ලංකාවේ පිහිටුවීමට උත්සාහ කරද්දී ලංකාවේ ආර්ථික ඝාතකයන් වන ජනතා විමුක්ති පෙරමුණ ඊට ඉඩ ලබා නොදුන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
මෙම විරෝධය හමුවේ ලංකාවට ලැබීමට නියමිතව තිබූ මොනෑෂ් විශ්වවිද්‍යාලය මැලේසියාවට ලැබුණු බව ද ඇමැතිවරයා කීය.
ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 78ක් බවත් මැලේසියාවට මොනෑෂ් විශ්වවිද්‍යාලය නිසා ඩොලර් බිලියන 240ක මුදලක් ලැබී ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.
අපට අවුරුදු 40කට පෙර මොනෑෂ් විශ්වවිද්‍යාලය ලංකාවට ලබා ගැනීමට අවස්ථාව ලැබිණි නම් අද බංකොලොත් රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු රටක් නොවන බව ද ඇමැති මනූෂ නානායක්කාර සඳහන් කළේය.