ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කළ හැටි…! වස පෝර නැති “සිංහල ගොවිතැන”….! – ඉපැරණි කෘතිය ජනපති අතට…

February 19, 2022 at 11:02 am | by emanisa.lk

පණ්ඩිත, පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්විණ.

පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් විසින් වර්ෂ 1951 දී රචිත “සිංහල ගොවිතැන” කෘතිය මගින් සරුසාර අස්වැන්නක් සඳහා භාවිත කළ ගොවිතැන් ක්‍රම හා උපකරණ පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කර ඇත.

වස විසෙන් තොරව කළ සිංහල ගොවිතැන නැවත වතාවක් පණ ගැන්වීම පිණිස මෙම කෘතිය යළි මුද්‍රණය කළ බවත් මෙය රාජ්‍ය නිලධාරීන් අතර බෙදා දෙන ලෙසත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය වලේබොඩ ගුණසිරි, ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය මැදඋයන්ගොඩ විජයකිත්ති හිමි, පූජ්‍ය රත්මලානේ රතනසිරි හිමි යන භික්ෂූන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *