ලංකාව අනතුරුදායකයි… යනවා නම් පරිස්සමින්…! – ඇමරිකාවෙන් රතු එළි….

September 16, 2024 at 11:03 am | by emanisa.lk

මෙරට ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටී.

එම දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණයට පෙර ඒ අතරතුර සහ පසුව උද්ඝෝෂණ ඇති වීමට ඉඩ ඇති බවයි.

සාමකාමී ජනතා එකතුවීම් පවා පෙර දැනුම් දීමකින් තොරව කලහකාරී විය හැකි බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *