අද රටට කිසිම දේශපාලන විකල්පයක් නෑ….! 2024 බොරු වෙනසකට ගියොත් රට ඉවරයි…! – මංගල…

April 15, 2021 at 6:36 pm | by emanisa.lk

2015 ආණ්ඩු පෙරළිය මේ රටේ වාසනාවට සිදු වූ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ජිනීවා ගොස් ඇමරිකාව සමඟ 30/1 යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාව ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය මොහොත බව ද ඔහු සඳහන් කරයි.

2016 ජපානයේ පැවැති G 7 සමුළුවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇමරිකානු ජනාධිපතිවරයා අතට අත දුන් බවත් එය මහත් අභිමාණයක් බවත් හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.

තමා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ බවත් දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් ද අයිති තම කඳවුරට බවත් මංගල සමරවීර ප්‍රකාශ කරයි.

මේ අවස්ථාවේ රටට කිසිදු දේශපාලන විකල්පයක් නොමැති බවත් 2015 මෙන් ආවට ගියාට වෙනසක් කිරීමට ගියහොත් රට මීටත් වඩා අමාරුවක වැටෙන බවත් හෙතෙම පවසයි.

හුදු වෙනසක් කිරීමට ඇති උවමනාවට 2024 වෙනසක් කළහොත් එය මේ රටේ අවසාන විලාපය වනු ඇති බව ද මංගල සමරවීර අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස