ලංකාවේ හාමුදුරුවරු තමන්ගේ විදුලි බිලත් ජනතාවට ගෙවන්න කියති..! මියන්මාර් සංඝරාජ හිමියෝ ලංකාවට ඩොලර් දහ දාහක් පරිත්‍යාග කරති…!

September 20, 2022 at 8:25 am | by emanisa.lk

මියන්මාරයේ ප්‍රධාන සංඝරාජ ආචාර්ය අශීන් ඥාණීස්සර නාහිමියන් ශ්‍රී ලංකාවට ඩොලර් 10 000ක් පරිත්‍යාග කර තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 37කට ආසන්න මුදලකි.

ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර මිලයට ගැනීම සඳහා සංඝරාජ හිමි මෙම මුදල පරිත්‍යාග කර තිබේ.

මියන්මාර් ශ්‍රී ලංකා තානාපතී ජානක බණ්ඩාර වෙත නිල වශයෙන් මෙම මුදල සංඝරාජ හිමි විසින් ලබා දී තිබේ. මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ලබා දුන් සහයෝගය පිළිබඳව තානාපතිවරයා නාහිමියන්ට සිය කෘතඥතාව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *