ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කරන්න IMF අතදෙයි…! ළඟදීම ඩොලර් මිලියන 816ක්….!

August 24, 2021 at 3:04 pm | by emanisa.lk

සිය සාමාජිකත්වය දරන රටවල්හි විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 650ක මුදලක් වෙන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ද අදාළ මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 816ක් ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස් ලිනා ජෝර්ජියාවා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී ඇත්තේ මෙමගින් බොහෝ රටවල පවතින මූල්‍ය අර්බුදයට ශක්තිමත් විසඳුමක් සපයා ගත හැකි බවය. පසුගිය ජුලි මාසය වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.8 දක්වා පහත වැටී තිබුණි.

කෙසේවෙතත් අදාළ ප්‍රතිපාදන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණවලට එකඟවිය යුතු වන අතර ඒ මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. රුපියල අවප්‍රමාණ කිරීම, ජනතා සහන කපා දැමීම, බදු ඉහළ නැංවීම, උද්ධමනය පාලනය ආදී කොන්දේසී එහි දී පැනවෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස