විපක්ෂය හදන්නේ එදා තමන් වැටුණු වළට අපිවත් දාන්න…! IMF එකට යන්න ම කියන්නේ ඒකයි….! – රාජ්‍ය ඇමැති කබ්රාල්….

July 5, 2021 at 5:19 pm | by emanisa.lk

ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන ලෙස විපක්ෂය විසින් බලපෑම් කරන්නේ ඔවුන්ට වැටුණු වළේ වර්තමාන ආණ්ඩුව ද දැමීම සඳහා බව ආර්ථික රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය විට රුපියල අවප්‍රමාණ කිරීම, රාජ්‍ය සේවක කප්පාදුව, විශ්‍රාමික රාජ්‍ය සේවක වරප්‍රසාද අඩු කිරීම, පොළී අනුපාත වැඩි කිරීම, බදු වැඩි කිරීම ආදී කොන්දේසී මාලාවක් ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා පවසයි.

මෙම කොන්දේසිවලට යටත්ව යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම නිසා ජනතාව කබලෙන් ළිපට වැටුණු බවත් අවසානයේ එදා පාලකයින්ට ගෙදර යාමට සිදු වූ බවත් ඇමැති කබ්රාල් වැඩි දුරටත් සිහිපත් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *