ලංකාවේ රැකියා කරන විදේශිකයන්ට බදු ගෙවීම අනිවාර්යයි! උපයන සියල්ල අරගෙන රටින් යන්න බෑ!

August 14, 2020 at 2:36 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු විදේශීය ශ්‍රමිකයින් අනිවාර්ය බද්දක් ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (13) දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකින් මෙරට සේවායෝජකයින්ට සහ සේවා නියුක්තිකයන්ට දැනුම් දී ඇති ආකාරයට 2020 ​අප්‍රේල් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට විකල්ප පදනම මත ‘අත්තිකාරම් පුද්ගල බද්ද’ හඳුන්වා දී ඇත.

ඒ අනුව සේවායෝජකයින් විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් විධිවිධාන පනතේ විදිවිධානවලට අනුව අදාළ සේවකයින්ගේ කැමැත්ත මත ඔවුන්ගේ වැටුපින් අඩු කරගෙන අත්තිකාරම් පුද්ගල බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුය.

කෙසේ වෙතත් අදාළ එකඟත්වය (කැමැත්ත) අවශ්‍ය වන්නේ නේවාසික සහ මෙරට පුරවැසියන් වන සේවා නියුක්තිකයන් සඳහා පමණයි. ශ්‍රී ලංකාවේ පුරවැසියකු යන්නෙන් පුරවැසි පනත යටතේ ද්විත්ව පුරවැසිභාවය දරන්නන් ඇතුළුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය දරන තැනැත්තන් අදහස් කෙරෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.

එම තත්ත්වය මත පදනම්ව 2020 අප්‍රේල් 04 දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට සේවයේ නියුතු සියලුම නේවාසික සේවා නියුක්තිකයන්ගෙන් සහ පුරවැසියන් නොවන සේවා නියුක්තිකයන්ගෙන් ‘එකඟතාව නොසලකා’ අත්තිකාරම් පුද්ගල බද්ද අය කිරීම අනිවාර්යයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස