ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ ආර්ථික පීඩනය හමුවේ රටේ මත්පැන් පරිභෝජනය සීඝ්‍ර ලෙස පහළ යෑම මීට හේතුවී ඇති බවයි.
මේ සමග මත්පැන් නිෂ්පාදන අලෙවිය ද 40%ක් දක්වා අඩු වී ඇත.
මෙලෙස මත්පැන් පානය පහත වැටීමට අධික බදු, ආදායම් අඩු වීම මෙන් ම නිත්‍යානුකූල නොවන මත්පැන් භාවිතය ඉහළ යාම ද හේතු විය හැකිය.