ඉන්දීය රූපවාහිනි නාලිකාවක් වන සී ටැමිල් නාලිකාව විසින් සංවිධානය කරන ලද Sa Re Ga Ma Pa Little Champs Season 3 රියැලිටි තරගාවලිය ජයගැනීමට යාපනයේ සිට වැඩසටහනට සහභාගි වූ කිල්මිෂා යාෂිසා සමත් විය.
එම තරඟයේ අවසන් මහා තරගය ඊයේ (17) පැවැත්විණි.
ජයග්‍රහණය වෙනුවෙන් ඇයට ඉන්දීය රුපියල් ලක්‍ෂ දහයක ත්‍යාග මුදලක් ද හිමිවෙයි. ලාංකිකයෙකු ඉන්දියානු රියෑලිටි තරඟාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි.
https://www.youtube.com/watch?v=cYdgKTZtfdc&embeds_referring_euri=https%3A%2F%2Flankacnews.com%2F&source_ve_path=OTY3MTQ&feature=emb_imp_woyt