ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන් ඉල්ලීම් කර තිබේ.
ඒ පිළිබඳ සොයා බැලීමට තිරුපති දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධර්ම රෙඩ්ඩි මහතා පසුගිය සිකුරාදා (29දා) මෙරටට පැමිණීමට නියමිතව තිබිණි.
දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේ තිරුපති කෝවිල පිහිටා ඇති අතර වසරකට කෝටි සංඛ්‍යාත බැතිමතුන් තිරුපති වන්දනාව සඳහා එහි පැමිණෙති. එය ලොව ධනවත්ම කෝවිල ලෙස ද සැලකෙයි.
පසුගියදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි නිල සංචාරයක යෙදුණු නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා විසින් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති ජගත් මෝහන් රෙඩ්ඩි හමුවූ අවස්ථාවේ මෙරට තිරුපති කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක්ද කර තිබිණි.