ලංකාවේ ක්ෂණික දුම්රිය වර්ජන…! සංචාරයට එනවා නමි වාහකයක් අරන් එන්න …! – සංංචාරකයෙක් ලොවට ම කියයි …

December 16, 2021 at 5:42 am | by emanisa.lk

දුම්රිය සේවකයන් විසින් ඊයේ (15) ක්‍රියාත්මක කළ ක්ෂණික වැඩවර්ජනය හේතුවෙන් බොහෝ පිරිසක් අපහසුතාවට පත්විිය.

පිටකොටුවේ දුම්රිය ස්ථානයේ සිටි විදේශීය සංචාරකයෝ ද ද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් චෝදනා එල්ල කළහ.

වර්ජනයක් ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රවේශ පත‍්‍ර අලෙවි කළේ කුමක් නිසාදැයි ඔවුහු ප‍්‍රශ්න කළහ.

නිවාඩුව ගත කිරීමට ආසියා පැසිපික් කලාපයේ ඔ්නෑ තරම් ස්ථාන ඇති බවටත් ඔවුහු කියා සිටියහ.

ශ‍්‍රි ලංකාවට කිසිවෙකුට සංචාරයට පැමිණෙන්නේ නම් තමන්ගේම වාහනයක් රැගෙන එන ලෙස ඉල්ලා සිටින බවද එක් සංචාරකයකු මාධ්‍ය වෙත කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස