රෝහල් පද්ධතියේ විදුලිය නොකපන බවට සහතිකයක්…!

July 28, 2023 at 9:51 am | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පාලනය වන කිසිදු රෝහලක විදුලිය ඉදිරි මාස දෙකක කාලයක් සඳහා නොකපා සිටීම සඳහා වන සහතිකය විදුලි බල මණ්ඩලය ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.

සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යං ලේකම්වරයා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සමග ඇති කරගත් එකඟතාවකට අනුව මෙම සහතිකය විදුලි බල මණ්ඩලය මගින් ලබා දුන්නේ යැයි ද හෙතෙම කීය.

මහනුවරදී ඊයේ (27) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සමන් රත්නායක මේ බව ප්‍රකාශ කළේ ය.

කොළඹ ජාතික රෝහලේ හිඟ විදුලි බිල්පත ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 120ක් ලබා දුන් බව ද හෙතෙම සඳහන් කළේ ය.

ආර්ථික අර්බුදයත් සමග සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රෝහල්වල විදුලි බිල්පත් ගෙවීමේදී මාස හතරක පහක පමණ හිඟයක් ඇතිව තිබෙන බවත් අදාළ හිඟ මුදල් ඉදිරි මාස දෙක ඇතුළත ගෙවීමටත් ඉදිරියට නියමිත පරිදි විදුලි ගාස්තුව ගෙවීමටත් ලබා දුන් පොරොන්දුව මත විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා රෝහල්වල විදුලිය විසන්ධි නොකිරීම සඳහා වන එකඟතාවට පැමිණි බවත් අතිරේක ලේකම්වරයා පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *