මාරවිල මාරක රිය අනතුරක්! 04ක් මරුට! 19ක් රෝහලට! (video)

February 18, 2019 at 4:05 am | by admin

මාරවිල මහවැව ප‍්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

වවුනියාවේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ බස් රථයක් උදෑසන 4.30ට පමණ මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇත.

රියදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර ඉන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *