රජයේ රෝහල්වල බාල බෙහෙත් වර්ග 500ක් භාවිත කරන බවට පළවූ පුවත පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කෙසේ වුව ද මෙලෙස ඖෂධ වර්ග, ඖෂධ නියාමන අධිකාරිය මගහැර රජයේ රෝහල්වලට යාමේ හැකියාවක් නොමැති බවයි, ඇමතිවරයා අවධාරණය කළේ.
යම් ඖෂධයක ගුණාත්මකභාවයේ ගැටලු ඇත්නම් එය වාර්තා කරන අතර ඖෂධ නියාමන අධිකාරිය නොසලකා රජයේ රෝහල්වලට ඖෂධ බෙදාහැරීමේ හැකියාවක් නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මේ බව කීය.