බාල බෙහෙත් ජාවාරම පිටුපස හිටපු සෞඛ්‍ය ඇමැතිවරු ගණනාවක්…!

December 25, 2023 at 9:44 am | by emanisa.lk

බාල එන්නත් ගෙන්වීමේ ජාවාරම පිටුපස හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පමණක් නොව ඊට පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු ද සිටින බවට සැකයක් පවතින්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව පැවැසුවේ, බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යලයේ පැවැති මාධ්‍ය හමුවකදී බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් මාධ්‍යව්දියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මීට පෙර පැවරූ බොහෝ දූෂණ නඩු විභාගවලදී ඒවාට සම්බන්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට නොගත්තා සේම මෙම සිදුවීමට සම්බන්ධ දේශපාලනඥයන් ද අත්අඩංගුවට නොගන්නා බව ද ඔහු පැවැසීය.

මෙම ගනුදෙනුව කෝටි සියයක ගනුදෙනුවක් බව ද, අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා යැයි කියන පුද්ගලයා එවැනි කොන්ත්‍රාත්තුවක් කළ හැකි මට්ටමක කෙනකු නොවන බව ද, ඔහු මෙහි එක ඉත්තකු පමණක් බව ද හෙතෙම කීය.

කෙහෙළිය රඹුක්වැල්ලට පෙර රාජිත සේනාරත්න, පවිත්‍රා වන්නිආරච්චි ද සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *