රේගුවේ දැවැන්ත වංචාවක්… නිලධාරීන් 04කගේ වැඩ තහනම්..!

July 19, 2024 at 9:00 am | by emanisa.lk

නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛන සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට රේගුවේ ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කොට තිබේ.

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු වැඩතහනම් කළ නිලධාරීන් අතර සිටින බව රේගු ආරංචි මාර්ග පවසයි.

මෙම බහලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපන වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බව වාර්තා වෙයි.

එම බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු යැයි චෝදනාවට පසුගිය ජනවාරි මස රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැත.

මෙවැනි දූෂිත ක්‍රියා නිසා ශරීර සෞඛ්‍යට අහිතකර පිළිකාකාරක සහිත ආලේපන වර්ග, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, බාල ඖෂධ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳපොලට යෑම වැළැක්විය නොහැකි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *