පසුගිය 22 වැනිදා සිට ජාතික රූපවාහිනියේ නිළ ලාංඡනය වෙනස් කර ඇත. රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුව මත මෙම සංශෝධනය සිදුකර තිබේ.
මෙතෙක් රූපවාහිනී ලාංඡනයේ රූපවාහිනී යන්න සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සඳහන්ව තිබූ අතර නව තීරණයට අනුව ඉංග්‍රීසි සහ දෙමළ භාෂා නිල ලාංඡනයෙන් ඉවත් කර ඇත.
රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ සොනාල ගුණවර්ධනය. මීට පෙර ඔහු ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රෙජිනෝල්ඩ් කුරේ වෙනුවට ඔහු රූපවාහිනී සංස්ථාවට පත් කෙරිණි.
එසේ ම රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය පැවැත්වෙන වෙලාව ද වෙනස් කිරීමට නව සභාපතිවරයා පියවර ගෙන ඇති අතර මෙතෙක් රාත්‍රී 8.00 ට විකාශය වූ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය දැන් පස්වරු 6.50 ට විකාශය කෙරේ.