රු. 85 සීනි රු. 122ට විකුණන්න සිද්ධ වුණේ රු. 196 ඩොලරය 230ට ගිය නිසයි…! – පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය…

September 7, 2021 at 8:37 am | by emanisa.lk

රුපියල් 85ට වරායට ගොඩබාන ලද සීනි කිලෝව රුපියල් 122ට විකිණීමට හේතු වී ඇත්තේ මීට මාස හයකට පෙර රුපියල් 196ට තිබුණු ඇමරිකානු ඩොලරයේ අගය මේ වන විට රුපියල් 230ක් දක්වා ඉහළ ගොස් තිබීම බව පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

“ඉදිරි සිකුරාදා වෙන්න කලින් මේ රටේ සෑම තැනකම සීනි සහ සහල් ගිහිල්ලා කිලෝ දෙක තුනක් ගන්න නෙවෙයි අවශ්‍ය ප්‍රමාණය පාරිභොගික ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය මේ වනවිට මේ ගැසට් නිවේදනය ලබාදීපු බලතල අනුව අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා.

ඒ වගේම දැන් ශත 25 බද්ද පිළිබඳව කතා කරනවා. සීනි රුපියල් 145ට ගිය වෙලාවේ අපි බද්ද අඩු කරලා කිව්වා 85ට විකුණන්න ඕනෙ කියලා. වික්කෙ නෑ, ඇත්ත. පිළිගන්නවා අපි. නමුත් බද්ද තිබුණා නම් 150ට 155ට යන්න තිබුණ සීනි 105ට 110ට වෙළඳපොළ තුළ තිබුණා. ආණ්ඩුවෙ බලාපොරොත්තුව 100%ක්ම ඉටු කරගන්න පුළුවන් වුණේ නෑ, ඒක සෑම බද්දකම සිදුවන දෙයක්.

ඒ වගේම වර්තමානයේ අරගෙන තිබෙන සීනි නැවත ඒ අයටම දෙනවාලු, ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ඒ වගේම මේ 85ට ගෙනාපු සීනි දැන් 116ට 122ට දෙනවාලු. ඇත්ත. දෙනවා. මේ මිල ගණන් තීරණය කළේ ඇයි? ඒ වෙලාවෙ ඩොලර් එක තිබුණෙ 196ට. අද මහ බැංකුව මේක 203ක් විදියට ප්‍රකාශයට පත් කළත් අද අපි කියන්න ඕනෙ ප්‍රායෝගික තත්ත්වය මීට මාස හයකට කලින් ගෙනාපු සීනිවලට ඩොලර් දෙන කොට අද බැංකුවලින් ගන්න සිද්ධ වෙලා තිබෙන්නෙ 230යි, 229යි”

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති රෙගුලාසි විවාදයට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස