රු. 200 සීනි කිලෝව 125ට බස්සනවා… ! – පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය..

August 28, 2021 at 8:37 am | by emanisa.lk

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

“ඉදිරි සතිය තුළ දැනට තිබෙන සීනි මිල වැඩි වීම අඩු කිරීමට පියවර ගන්නවා. සති 2ක දී සීනි කිලෝ ග්‍රෑමයක් උපරිමය රු. 125කට වඩා අඩු මිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය රජය විදිහට අරගෙන තිබෙනවා.

දැනට සීනි සඳහා පාලන මිලක් නැති නිසා. අපට මිල පිළිබඳව වැටලීම් කරන්න බැහැ. රු. 85ට පාලන මිලක් දාලා අපි ඉවත් කළේ. ඒක ප්‍රායෝගික නොවන නිසා.

ලෝක වෙළෙඳපොළ තත්ත්වය බලන්න ඕනේ. ලෝක වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළ යනවා. පාලන මිලක් දැම්මොත් ප්‍රායෝගික වෙයි ද? ප්‍රායෝගිකව කළ නොහැකි නම් ගැසට් ගහන්නේ නැහැ.”

ඔහු ඒ බව පැවසුවේ අද දෙරණ Big Focus වැඩසටහනට ඊයේ (27) එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *