රාජතාන්ත්‍රික මට්ටමින් ඉන්දීය ආණ්ඩුව සමග සාකච්ඡා කර ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් පොහොර වල මිල අඩු කරගැනීමට ඇති ඉඩකඩ සීමිත බව එම පොහොර මෙරටට ගෙන් වූ සීමාසහිත යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් පවසයි.
එහි සභාපති මොහාන් පෙරේරා පවසන්නේ රුපියල් 640ට අඩුවෙන් නැනෝ නයිට්‍රජන් කවරෙකු හෝ මෙරටට ගෙන්වුවහොත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 10 ක් පිරිනමන බවයි.
“මම ඊයේ දැක්කා අපේ චම්පික රණවක මැතිතුමා එතුමා කියලා තියෙනවා. ලංකාවේ සල්ලි රුපියල් 640යි, මේ ඉන්දියාවෙන් මෙහෙට ගෙනල්ලා 2500ට විකුණනවයි කියලා. මම පොඩි අභියෝගයක් කරනවා, මට රුපියල් 640ට ඔය වෙබ් සයිට් එකේ තියෙන ගාණට බෝතලයක් අරගෙන ලංකාවට එක්ස්පෝර්ට් ලයිසන් එක අරන් බෝතල් ලක්ෂ 10ක් එව්වොත් කෝටි 10 ක් මම දෙනවා, තෑග්ගක් විදියට.
ඇමතිතුමා ගොඩාක් ස්ට්‍රෙස් එකේ ඉන්නේ. පව් ඒ කියන්නේ. මහින්දානන්ද ඇමතිතුමාට තියෙන ස්ට්‍රෙස් එක මං දැකලා නෑ, කිසිම ඇමති කෙනෙකුට තියෙනවා. ඉතින් එතුමා කියන දේවල් ගැන අපි ගණන් ගන්නේ නෑ. මොකද සමාන්‍යයෙන් ඒ ආපු ප්‍රෙෂර් එක මට ආපු ප්‍රෙෂර් එක බෝතල් ටිකක් ගෙනල්ලා මට ආවේ එකක් නම් මහින්දානන්ද ඇමතිතුමාට තියෙනවා 700 ගාණක ප්‍රෙෂර් එකක්. එතුමා ඒ ප්‍රෙෂර් එකට කියන දේවලිවලට ඇත්තටම අපි එතුමා ගැන අනුකම්පාවෙන් බලන්න ඕනේ. මම නම් ඇමති ධූරය දාලා යනවා.
මේක රාජ්‍යතාන්ත්‍රිකව විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම දැම්මොත් අපි මේක නවත්වන්න දන්නවා. ඒක නවත්වන්න පුළුවන්නේ. මේක ඉන්දියාවේ ට්‍රේඩ් සෙක්ෂන් එක. ඒ කියන්නේ ඉන්දියන් එම්බසි එකේ ට්‍රේඩ් සෙක්ෂන් එකක් එක්ක ගිය ගනුදෙනුවක්. දැන් මේ වෙලාවේ ඉන්දියාව මෙහෙට නැනෝ නයිට්‍රජන් ප්‍රමෝට් කරගත්තා කියන්නේ තව ෆැක්ටරි 2 ක් එහෙ ගහනවා. එතකොට මේ ඩොලර් 50 ගාණේ විකුණන්න පුළුවන් මේ යුරියා රේට් එකත් එක්ක ලෝකේ වටේ. ඉතින් ඒකට ඉන්දියාවට බිලියන ගාණක ලාභයක් ලැබෙන දෙයක් . ඉතින් ඉන්දියාව ඒ ස්ටෙප් එක ගත්තා.”